ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇට්ලස් ඒන්ජල් II අභ්‍යාසයේ සමාප්ති උත්සවය පවත්වන ලදී.
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සමඟ එක්ව දින 5ක් පුරා මෙම ආපදා ප්‍රතිචාර පුහුණුව ක්‍රියාත්මක කළ අතර, මෙමඟින් ඇමරිකානු පුරවැසියන් සහ හවුල්කරුවන් ආරක්ෂා කිරීමටත්, ජීවිත සහ ජීවනෝපායන් සුරක්ෂිත කිරීමටත්, වඩාත් ශක්තිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ.
















