අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද “Correct the Map” නම් මෙම යෝජනාව, අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් සම්මත වී ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරයි. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ද මීට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකා එක්සත් ජනපදය පමණක් මීට විරුද්ධව ඡන්දය ලබා දී ඇති අතර රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
16 වන සියවසේ සිට භාවිත වන මර්කේටර් සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දිගු කලක සිට විවේචන එල්ල වී තිබූ අතර, සැබැවින්ම අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වේ. ගෝලාකාර පෘථිවිය ද්විමාන සිතියමකට නැගීමේදී සිදුවන විකෘතිතා මඟහරවා ගැනීම සඳහා 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දෙන ලද “Equal Earth” නම් වඩාත් සාධාරණ භූමි ප්‍රමාණ නිරූපණයක් සහිත සිතියම් ආකෘතිය මෙලෙස අනුමත වී තිබේ.
















