හලාවත ශ්‍රී මුන්නේශ්වරම් කෝවිලේ වාර්ෂික ඇසළ පෙරහැර අවස්ථාව වෙත එක් වූ සැදැහැවත් ජනතාව සඳහා මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු 25 වන දින පවත්වන ලදී.
පුත්තලම දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ නිලධාරී ලුතිනන් කර්නල් බී. එම්. අයි. ටී. බී. රත්නායක ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
















