ජගත් ටෙනිස් ඉතිහාසයේ අමතක නොවන නාමයන් බවට පත්ව සිටින සෙරීනා විලියම්ස් සහ වීනස් විලියම්ස් යන සුප්රසිද්ධ ක්රීඩිකාවන් දෙදෙනා, වයස් මට්ටම් 44 සහ 46හි පසුවන මොහොතක යළිත් වරක් යුගල ටෙනිස් පිටියේදී එකම පිලක් ලෙස අත්වැල් බැඳගෙන තිබේ.
වසර හතරකට පසු ඔවුන් මෙලෙස යළි යුගල තරගයකට එක්වීම ටෙනිස් ක්රීඩා ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව ඇති අතර, සෙරීනාගේ දියණිය වන ඔලිමියාගේ විශේෂ ඉල්ලීමක් මත මෙම නැවත හැරීම සිදුව තිබීම විශේෂත්වයකි. මීට පෙර අවස්ථා රැසකදී ග්රෑන්ඩ් ස්ලාම් ශූරතා 14ක් සහ ඔලිම්පික් රන් පදක්කම් දිනා ගනිමින් අසමසම දස්කම් දක්වා ඇති මෙම විලියම්ස් සොහොයුරියන් යුගලය, මෙවර යූ. එස්. විවෘත ටෙනිස් තරගාවලියේදී යළිත් සිය සුපිරි ක්රීඩා විලාසය ලොවට පෙන්වීමට සූදානම් වන අතර, ඕනෑම වයසකදී දැඩි කැපවීමෙන් හා උත්සාහයෙන් ඕනෑම ජයග්රහණයක් ළඟා කරගත හැකි බව පෙන්වා දීම තම අරමුණ බව සෙරීනා පවසා ඇත.
















