දිවුල්වැව, වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව් බැම්ම මත ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් වැව් බැම්මේ බැඳ සිටි ගවයෙකු බේරීමට උත්සාහ කිරීමේදී පාලනය කරගත නොහැකිව වැව දෙසට පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී වැලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
















