ප්‍රදේශයේ නීතිය, සාමය සහ මහජන ආරක්ෂාව අතිශය විධිමත් අයුරින් සුරක්ෂිත කරමින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දෙන ඉත්තපාන පොලිස් ස්ථානයේ පළමු වාර්ෂික නිල පරීක්ෂණය පෙරේදා දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පරීක්ෂණයේදී, පොලිස් ස්ථානයේ දෛනික කටයුතු, ලේඛන පවත්වාගෙන යාම සහ සමස්ත පරිපාලනමය ක්‍රියාකාරීත්වය අතිශය ප්‍රශංසනීය මට්ටමක පැවතීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඉහළම පැසසුමට ඉත්තපාන පොලිසිය ලක් විය.
විශේෂයෙන්ම ඉත්තපාන පොලිස් ස්ථානාධිපති චානක ලසන්ත මහතාගේ කාර්යක්ෂම නායකත්වය යටතේ ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය උන්මූලනය කිරීම වෙනුවෙන් වාර්තාගත මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් සිදු කරමින් අභීත කාර්යභාරයක් ඉටු කර තිබීම මෙහිදී විශේෂ ඇගයීමට ලක් කෙරුණු අතර, ස්ථානාධිපතිවරයා ඇතුළු සමස්ත නිලධාරී මණ්ඩලයේ විනය ගරුක බව සහ කැපවීම සැමගේ පැසසුමට හේතු විය.














