ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය, සංරක්ෂණය හා පරිසර අභිවර්ධනය සඳහා පාසල් ප්‍රජාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීම පිණිස පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද පූර්ණ සහය ඇතිව සංවිධානය කරනු ලබන 2026 පරිසර නියමු ජාතික කඳවුර ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේදී ආරම්භ කර ඇත.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඇතුළු නිලධාරීන්ගේ, දේශපාලන අධිකාරියේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. එහිදී පාසල් 16ක් නියෝජනය කරමින් ළමුන් 238 දෙනෙකු සඳහා ස්වර්ණ වර්ණ ලාංජන පැළදවීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර, රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී. පරිසර නියමු, හරිත, රජත, ස්වර්ණ වර්ණ සහ අවසාන පදක්කම වන ජනාධිපති පදක්කම අතිගරු ජනාධිපතිතුමන් අතින් ලබා ගැනීමට සිසුන්ට මෙම වැඩසටහන හරහා අවස්ථාව සැලසෙන අතර, මෙම පරිසර හිතකාමී පිරිස් රාජ්‍ය යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධ කර ගැනීමේ හැකියාව පිළිබඳවද මේ වන විට අවධානය යොමු කර ඇත.














