සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලි දෙක සඳහා වන එංගලන්ත සංචිතය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලි දෙක සඳහා එංගලන්තයේ නායකත්වයේ වගකීම හිමිව ඇත්තේ හැරී බෲක්ටය.
මෙම සංචිතය නම් කර ඇති පසුබිමක, දණහිසේ සැත්කමකින් පසු සුවය ලබමින් සිටින එංගලන්ත ක්‍රීඩක ජේකබ් බෙතෙල් තවදුරටත් ක්‍රීඩා පිටියෙන් ඉවත් ව සිටීම නිසා ඔහුට තරගාවලිය අහිමි වී තිබේ. එසේම, දකුණු කලවයේ මාංශ පේශියක ආබාධයක් ලක්වීම හේතුවෙන් ෆිල් සෝල්ට් ද ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත් කර ඇත.














