එලයිට් වෙන්චර්ස් ආයතනය විසින් කුරුණෑගල උඩවල්පොල ක්‍රීඩාංගණයේදී සංවිධානය කරන ලද මෙම දෙදින ප්‍රදර්ශනය සඳහා මෝටර් රථ ලෝලීන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ලක්ෂයකට අධික නරඹන්නන් පිරිසක් සහභාගී වූහ. කොළඹින් පිටත ක්‍රියාත්මක වන මෙරට විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනයක් ලෙස සැමරෙන මෙම අවස්ථාවට ප්රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින්, විදුලි වාහන සැපයුම්කරුවන් සහ මූල්‍ය ආයතන රැසක් එක්වීම තුළින් කර්මාන්තයේ නව ප්රවණතා මනාව මූර්තිමත් විය.
පළමු වරට වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ගේ සිට තම ව්‍යාපාරික වාහන සමූහය පුළුල් කිරීමට සූදානම් වන ව්‍යවසායකයින් දක්වා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් බැංකුව මෙහිදී සුවිශේෂී මැදිහත් වීමක් සිදු කළේය. බැංකුවේ කැපවූ විශේෂඥ කණ්ඩායම් විසින් පාරිභෝගිකයින්ගේ ආදායම් මට්ටම්වලට ගැලපෙන පරිදි සකස් කරන ලද නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රමවේද, ස්ථානීය උපදේශන සහ පූර්ව අනුමැතිය ලබා දීමට කටයුතු කිරීම දේශීය මෝටර් රථ වෙළඳපොළට මහත් රුකුලක් විය.
මෙම ක්‍රියාකාරී මැදිහත් වීම හරහා කලාපීය මට්ටමින් මූල්‍ය සේවාවන් වෙත පාරිභෝගික ප්‍රවේශය පුළුල් වන අතරම, මෙරට මෝටර් රථ කර්මාන්තයේ සහ ප්‍රවාහන අංශයේ ආර්ථික පුනර්ජීවනයට එය ශක්තිමත් පදනමක් වනු ඇත. අනාගතයේදීත් මෙවැනි ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් හරහා ජනතාවට වඩාත් ඵලදායී මූල්‍ය විසඳුම් ලබා දීමට ආයතනය අපේක්ෂා කරයි.














