රටපුරා ක්‍රියාත්මක “ගමින් ගමට” ජන හමු මාලාවේ තවත් ජන හමුවක් ඊයේ (සැප්තැම්බර් 06) ඉරිදා පස්වරුවේ අත්තනගල්ල කහබිලිහේන වසමේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ සංවර්ධන කටයුතු සාකච්ඡා කිරීම අරමුණු කරගත් මෙම හමුව සඳහා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ මෙන්ම මන්ත්‍රීවරුන් වන සුදර්මන් කොතලාවල සහ ප්‍රදීප් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















