ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය පිළිබඳ පළමු වරට පැවැත්වෙන ජාතික පර්යේෂණ සමුළුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (07) පෙරවරු 10.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. දිනිඳු සමන් කුමාර යන මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.
















