“අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් බේරුවලදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, රට තුළ ප්රජාතන්ත්රවාදය අහිමිවීමෙන් සහ මර්දනකාරී යුගයන් හමුවේ ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී සහ වැඩිපුරම බැට කෑ දේශපාලන ව්‍යාපාරය තම පක්ෂය බවයි.
















