රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් රැගෙන එන ආහාර ලබා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරයා රඳවා ඇති වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. මීට අමතරව, ඔහු මුණගැසීම සඳහා දිනකට පුද්ගලයින් තස්දෙනෙකුට (3) පමණක් අවසර ලබා දී ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.














