ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලක් සඳ සෙවණ, සාලමුල්ල ප්රදේශයේදී හෙරොයින් කිලෝග්රෑම් 02යි ග්රෑම් 02ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (07) රාත්රියේ මෙම වැටලීම සිදු කර ඇත. ලක්සඳ සෙවණ, සාලමුල්ල ප්රදේශයේම පදිංචිකරුවෙකු වන 24 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













