ජාත්‍යන්තර සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙන අතර, ‘ජනතාව, පෘථිවිය සහ සමෘද්ධිය සඳහා සාක්ෂරතාවය’ යන්න මෙවර එහි තේමාව වී තිබේ. යුනෙස්කෝ සංවිධානයට අනුව මෙම තේමාව ඇතුළත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, තිරසාර අනාගතයන්ට සහාය වීම සහ ජීවනෝපායන් සහ ආර්ථික සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කිරීමේදී සාක්ෂරතාවයේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරනු ඇත. 1967 වසරේදී පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැමරූතැන් පටන්, රජයන්, අධ්‍යාපනඥයින්, සංවිධාන සහ පුළුල් මහජනතාවට සාක්ෂරතාවයේ වැදගත්කම සිහිපත් කර දීම සඳහා වාර්ෂිකව සැප්තැම්බර් 8 වන දින මෙය සමරනු ලැබේ.
මෙවර මෙම සැමරුම පසුගිය දශක හය තුළ ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට අවස්ථාවක් වන නමුත්, 2024 වසරේ දත්තවලට අනුව ලොව පුරා තරුණයින් සහ වැඩිහිටියන් මිලියන 739ක් තවමත් මූලික සාක්ෂරතා කුසලතා නොමැතිව සිටින බවත් ළමුන් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු කියවීමේ අවම ප්‍රවීණතාවයට ළඟාවී නැති බවත් යුනෙස්කෝව අවධාරණය කරයි. මේ අතර මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල දැක්වෙන අතර, වසර 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6%ක් ලෙසත් පරිගණක සාක්ෂරතාවය 34.7%ක් ලෙසත් වාර්තා වී තිබේ.













