දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ නානුඔය–ග්රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර, එම කටයුතු එළඹෙන දෙසැම්බර් මාසය වන විට අවසන් කර දුම්රිය මාර්ගය යළි ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ. නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා ඇතුළු පිරිසක් පසුගියදා නානුඔය–ග්රේඩ්වෙස්ටන් දුම්රිය මාර්ගයේ සිදුකෙරෙන ඉදිකිරීම් හා ප්රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මේ බව සඳහන් කර ඇත.
මේ වන විට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුකරමින් පවතින අතර, එම කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වෙත ජනතා ප්රණාමය හිමිවන බව ද මන්ත්රී මංජුල සුරවීර ආරච්චි මහතා වැඩිදුරටත් පවසා තිබේ.













