22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (01) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් 79ක් තමන් වෙත ලැබී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්තැම්බර් 08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
අගෝස්තු 19, 20 සහ 21 යන දිනවල ඉදිරිපත් වූ පෙත්සම් 9ට අමතරව අගෝස්තු 21 සිට සැප්තැම්බර් 04 දක්වා කාලය තුළ මෙම අතිරේක පෙත්සම් 79 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. විශේෂයෙන් අගෝස්තු 31 වනදා පමණක් පෙත්සම් 31ක් ඉදිරිපත් වී තිබේ. මීට අමතරව, දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 15ක පිටපත් ද තමන් වෙත ලැබී ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නේය.













