2026 ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය ශ්‍රී පාද නල්ලතන්නිය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෝහිණි ඇල්ල සහ මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිතව ලබන 28 සහ 29 යන දෙදින තුළ මෙම සැමරුම් සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කර ඇත.
සංචාරක අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, ඇබර්ඩීන්, ලක්ෂපාන, මරේ සහ ගාඩ්මෝර් දිය ඇළි මෙන්ම මාවුස්සාකැලේ ජලාශය කේන්ද්‍ර කර ගනිමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් සංවිධාන කර තිබේ. සංචාරක දිනයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණීය ස්ථාන ප්‍රවර්ධනය කරමින් දේශීය හා විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් එම ප්‍රදේශ වෙත ගෙන්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.













