පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍ය තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මූතූර් ප්‍රදේශයේදී සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා සහ ගෝකණ්ණ ආයතන ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් කිලෝ ග්‍රෑම් 820ක පමණ විශාල තොගයක් සොයාගෙන ඇත.
පොඩුවයිකට්ටු, සෙන්දූර් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු, මත්ස්‍ය තොගය සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මූතූර් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
















