ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මාල්ඩා දිස්ත්‍රික්කයේ පිහිටි වසර 175ක් පමණ පැරණි ශිව කෝවිලක් ගංවතුර තත්ත්වය සහ ගංගා ඉවුරු ඛාදනය ඉහළ යෑම හේතුවෙන් ගංගා නදියට කඩා වැටී තිබේ.
බිහාර් ප්‍රාන්තයෙන් ගලා එන අධික ජල ධාරාව හේතුවෙන් ගංගා නදියේ ජල මට්ටම අද පස්වරුව දක්වා තවදුරටත් ඉහළ යා හැකි බවට එරට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
ගංගා නදියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ආසන්නයේ පිහිටි භූට්නි දූපත් ප්‍රදේශයේ එකම රෝහල ද වසා දැමීමට සිදුව ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වෙනත් ප්‍රදේශවල රෝහල් වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම, ගංගා ඛාදනය හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් මෙන්ම අඹ වගා කළ භූමි රැසක් ද විනාශයට පත්වෙමින් පවතින බව සඳහන් වේ.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ බැතිමතුන් අතර අතිශය ජනප්‍රිය වූ මෙම ශිව කෝවිල දහස් සංඛ්‍යාත ජනතාවගේ පූජනීය ස්ථානයක් ලෙස පැවති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ගංගා නදියේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ඉරිදා පස්වරුව වන විට එම ඓතිහාසික කෝවිල සම්පූර්ණයෙන්ම ගංගා නදියට බිලිවී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ගංවතුර සහ ගංගා ඉවුරු ඛාදනය හේතුවෙන් තවත් ප්‍රදේශ රැසක් අවදානමට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.













