යුද්ධය ආරම්භ වූ පසු කියෙව් අගනුවර ඉන්ධන පිරවුම්හලක් ඉලක්ක කරගත් පළමු අවස්ථාව මෙය වන අතර, සිවිල් ජනතාව බිය ගැන්වීමක් ලෙස මෙය හඳුන්වයි
රුසියානු හමුදා විසින් යුක්රේනයේ කියෙව් (Kyiv) අගනුවර පිහිටි පෙට්‍රල් ඉන්ධන පිරවුම්හලක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නගරයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හල් සංකීර්ණයට දැඩි හානි සිදුවී ගින්නක් හටගෙන ඇති බව නගරාධිපති විටාලි ක්ලිච්කෝ සහ ‘Ukrnafta’ තෙල් සමාගම තහවුරු කරයි. යුද්ධය ආරම්භ වූ පසු කියෙව් අගනුවර ඉන්ධන පිරවුම්හලකට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වේ.
පසුගිය සති දෙකක කාලය පුරාම කියෙව් අගනුවර සහ එහි තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමින් අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, මෙවැනි ප්‍රහාරවල කිසිදු හමුදාමය අරමුණක් නොමැති බවත් එය සම්පූර්ණයෙන්ම සිවිල් ජනතාව බිය ගැන්වීමක් (Terror and intimidation) බවත් Ukrnafta ප්‍රධාන විධායක නිලධාරී බොග්ඩන් කුකුරා ප්‍රකාශ කර ඇත.
















