කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත මෝටර් රථ ධාවන ශූර දිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකු රටින් පිටවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබ තිබේ. අදාළ පුද්ගලයන් දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම සහ ඔවුන් රටින් පිටුවහොත් විමර්ශනවලට බාධා ඇති විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
















