නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා, කොළඹදී ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් පුරාවෘත්තයන් වන අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ චමින්ද වාස් යන මහත්වරුන් මුණගැසී තිබේ. 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ මෙම ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි පැසසුමට හා ප්‍රශංසාවට ලක්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දුන් අතර, චමින්ද වාස් ද එම ජයග්‍රාහී සංචිතය නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි. අමාත්‍ය රාජ්නාත් සිංගේ මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙම හමුව සිදුව තිබීම විශේෂත්වයකි.















