හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදිසි හෘද සැත්කමකට භාජනය වී තිබේ.
කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අද (10) අලුයම 5.00ට පමණ මෙම සැත්කම සිදු කර ඇති බව වාර්තා වේ. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඇය වෙත මෙම බයිපාස් හෘද සැත්කම (CABG) සිදු කර ඇති අතර, සැත්කමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.













