විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව ඉරානය ගෙන යන සටන සම්පූර්ණ ජයග්‍රහණයක් අත්වන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඉරාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අලි නික්සාද් ප්‍රකාශ කර තිබේ. තලේගාන් නගරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, දින තුනකින් ටෙහෙරාන් නගරය අල්ලා ගැනීමේ මිත්‍යාවෙන් පසුවූ අමෙරිකානු සහ ඊශ්‍රායල සතුරන්ට එරෙහිව ඉරාන ජනතාව නොසැලී නැඟී සිටින බවයි.
බෙදුම්වාදී කුමන්ත්‍රණ සහ බලහත්කාරයෙන් පැටවූ යුද්ධ හරහා බටහිර ආසියානු කලාපයේ සිතියම වෙනස් කිරීමට හෝ ඉරානයේ තෙල් අපනයනය ශුන්‍ය මට්ටමකට ගෙන ඒමට සතුරන්ට මෙතෙක් හැකි වී නැති බව ඔහු අවධාරණය කළේය. ඉරාන සන්නද්ධ හවලුන්ගේ සහ ජනතාවගේ ශක්තිය හඳුනා ගැනීමට සතුරන් තවමත් අසමත් වී ඇති බවත්, දිගින් දිගටම එල්ල වන මිලිටරි හා ආර්ථික පීඩනයන් මැද වුවද ජනතාව දැඩි ප්රතිරෝධයකින් යුතුව රට ආරක්ෂා කරමින් සිටින බවත් හෙතම වැඩිදුරටත් කියා සිටියේය.














