18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඉන්දියාවට පැමිණ තිබේ. නවදිල්ලි නුවරදී හෙට සහ අනිද්දා (12 සහ 13) දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව අතරතුර, රුසියානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙරට අතර උපායමාර්ගික, ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං වසර 7කට පසු ඉන්දියාවට පැමිණීම විශේෂත්වයක් වන අතර, මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් රැසක නායකයන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද එක්ව සිටිති. මෙහිදී ගෝලීය වෙළෙඳාම, බලශක්ති සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව නායකයන් අතර පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.














