ප්‍රාදේශීය රටවල් අතර වඩා හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සහ හවුල් ප්‍රාදේශීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට උපකාරී වීම අරමුණු කරගනිමින් හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරානය සහ ගල්ෆ් රටවල් එළඹෙන සඳුදා ඕමානයේදී හමුවීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා ඉරාකය සහ වෙරළබඩ ගල්ෆ් ජාතීන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, සමුද්‍ර සන්ධියේ සංචාලන ආරක්ෂාව තහවුරු කිරීමට ඉරානය කැපවී සිටින බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බඝේයි පවසා ඇත. පසුගිය පෙබරවාරි මස අගදී ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන මෙම තීරණාත්මක ජල මාර්ගය ටෙහෙරාන් රජය විසින් අවහිර කරනු ලැබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් තෙල් මිල ඉහළ ගොස් තිබේ.
මේ අතර, ඉන්දියාවේ පැවැත්වෙන BRICS සමුළුවට පෙර අදහස් දක්වමින් ඉරාන ජනාධිපති පෙෂෙෂ්කියන් ප්‍රකාශ කළේ, මෑතකදී එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල සහන ප්‍රහාර හේතුවෙන් ඉරානයට එල්ල වී ඇති පීඩනය තීරණාත්මක හා භයානක මට්ටමකට ළඟා වී ඇති බවයි.
අමෙරිකානු නාවික අවහිර කිරීම් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මෙම ආර්ථික පීඩනය අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කර තිබියදී, 9/11 ප්‍රහාරයේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය කිසිදු දිනක න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ නොදෙන බවයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














