ඉරානය සමඟ පවතින ගැටුම් සහ ඩ්‍රෝන මෙන්ම මිසයිල ප්‍රහාර හමුවේ තීරණාත්මක යටිතල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා, අබුඩාබි හි ඉදිකිරීමට නියමිතව තිබූ ගිගාවොට් 5ක දැවැන්ත කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ මුල් සැලසුම් සංශෝධනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගනිමින් සිටී.
Nvidia, OpenAI සහ Oracle වැනි ප්‍රමුඛ පෙළේ ඇමරිකානු තාක්ෂණික සමාගම්වල හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මුලින් තනි දැවැන්ත පරිශ්‍රයක් ලෙස සැලසුම් කර තිබුණද, දැන් එය රට පුරා විහිදුණු දත්ත මධ්‍යස්ථාන ජාලයක් ලෙස ඉදිකිරීමට සහ ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා උමං මාර්ගවල හෝ කඳු ආශ්‍රිතව මෙන්ම ප්‍රබල ගුවන් ආරක්ෂණ පද්ධති යොදා ගනිමින් ඉදිකිරීම් සිදු කිරීමට බලධාරීන් අවධානය යොමු කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













