වැලිමඩ සහ කැප්පෙටිපොළ ප්රදේශවලින් රාත්රී කාලයේ ගවයන් සොරාගෙන මස් පිණිස අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන බණ්ඩාරවෙල ප්රදේශයේ ගව මස් වෙළෙන්දෙකු වැලිමඩ මහේස්ත්රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්රදේශයේ ගව පාලකයන් විසින් කරන ලද පැමිණිලි මත ආරම්භ කරන ලද පුළුල් විමර්ශනවලදී, සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශන සහ නවීන තාක්ෂණය භාවිත කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. පිටස්තර ප්රදේශවලින් පැමිණෙන සොරුන්ට නවාතැන් පහසුකම් සපයමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇති අතර, මීට පෙර අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සමඟ මෙම ප්රධාන මස් වෙළෙන්දාද ඉදිරි දිනවලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














