ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ලබන සතියේ රෝම නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා ඇති බවත්, ඒ වෙනුවට එම සාකච්ඡා ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙනු ඇති බවත් වාර්තා වේ.
ජූඩියම් ආගමික උත්සව, පැරිස් නුවර පැවැත්වෙන සමුළුවක් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සූදානම් වීම හේතුවෙන් පාර්ශ්වයන්ට රෝමයේදී හමුවීමට නොහැකි වී තිබේ. කෙසේ වෙතත්, ලෙබනන් සහ ඊශ්‍රායල තානාපතිවරුන් වොෂින්ටන් නගරයේදී හමුවීමට නියමිතව ඇති බව ඇක්සියෝස් (Axios) වෙබ් අඩවිය වාර්තා කර ඇත.













