උතුරු කොරියාව විසින් වොන්සාන් (Wonsan) ප්‍රදේශයේ සිට සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට බැලස්ටික් මිසයිල කිහිපයක් මුදා හැර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මූලස්ථානය (JCS) නිවේදනය කර තිබේ.
දකුණු කොරියාව, අමෙරිකාව සහ ජපානය ඒකාබද්ධව පවත්වන ලද ආරක්ෂක පුහුණු අභ්‍යාස අවසන් වී දිනකට පසු මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත. අතිරේක ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාවට එරෙහිව දකුණු කොරියානු ආරක්ෂක අංශ මේ වන විට දැඩි අවධානයෙන් පසුවන අතර, මිසයිලවල ස්වභාවය පිළිබඳව මිත්‍ර රටවල් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් නිරීක්ෂණ කටයුතු තර කර තිබේ.














