මෙම වසරේ දෙවන වරටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයකදී හමුවන ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන අරීනා සබලෙන්කා (Aryna Sabalenka) සහ එලේනා රිබකිනා (Elena Rybakina) අතර යූ ඇස් ඕපන් කාන්තා එකිනෙකා මුණගැසෙන අවසන් මහා තරගය අද නිව් යෝර්ක් නුවර ආතර් ආෂ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දිගටම යූ ඇස් ඕපන් ශූරතා දිනාගත් ක්‍රීඩිකාවන්ගේ දුර්ලභ ඉතිහාසයට එක්වෙමින් තෙවැනි වරටත් ශූරතාව අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ප්‍රථම පෙළ ක්‍රීඩිකා සබලෙන්කා මෙම සටනට පිවිසෙයි. ඇය අවසන් පූර්ව වටයේදී අමෙරිකාවේ ජෙසිකා පෙගුලා පරාජය කරමින් මෙම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවාය.
කෙසේ වෙතත්, නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලෝකයේ පෙරමුණට පැමිණීමට නියමිත දෙවැනි පෙළ ක්‍රීඩිකා රිබකිනා, අවසන් පූර්ව වටයේදී කොකෝ ගෝෆ් පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි අතර, මෙම වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගැනීමටද සමත් වූවාය. දෙදෙනා අතර මෙවර තරග වාරයේ පැවැත්වෙන තියුණු සටන ලෝක ක්‍රීඩා ලෝාලයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.














