දිවයින පුරා සිදුවන නීති විරෝධී ගස් කැපීම්, වන රක්ෂිත ආක්රමණය කිරීම්, වනසතුන් දඩයම් කිරීම් සහ පරිසර විනාශයන් පිළිබඳ පැමිණිලි 1995 ක්ෂණික ඇමතුම් අංකය වෙත කඩිනමින් යොමු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පරිසර පද්ධතියට සහ වන සම්පතට හානි කරන ජාවාරම්කරුවන්ට එරෙහිව වහාම නීතිය ක්රියාත්මක කිරීමටත්, වන විනාශයන් අවම කර ගැනීමටත් මෙම විධිමත් සේවාව මගින් අපේක්ෂා කෙරේ.
දේශපාලන හිතවතුන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ පාදඩ උවමනාවන්ට රටේ වටිනා වන සම්පත අමුඅමුවේ විනාශ වී යාමට ඉඩ දී බලා සිටින පාලකයින්ගේ අදූරදර්ශී වැඩපිළිවෙළ හමුවේ, පරිසරය සුරැකීමේ බර අදටත් කරගැසීමට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක මහජනතාවටය. අණ පනත් සහ ක්ෂණික ඇමතුම් අංක හඳුන්වා දීමෙන් පමණක් නතර නොවී, පරිසර වනසන්නන්ට සහ ඊට අනුබල දෙන ඉහළ පුටුවල සිටින අයට එරෙහිව පක්ෂ පාට නොබලා නීතිය තදින්ම ක්රියාත්මක කිරීමට ආණ්ඩුවට කොන්දක් තිබිය යුතුය.













