ශ්‍රී ලංකාවේ කථානායක නිල නිවසේ පවතින වටිනා ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මෙට්ට සහ කුස්සි උපකරණ ඇතුළු භාණ්ඩ කොල්ලුපිටියේ පිහිටි වෙනත් රජයේ නිල නිවසකට ගෙන ගොස් ඇති බවට මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා චෝදනා කර තිබේ.
සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, වර්තමාන කථානායකවරයා නිල නිවසේ පදිංචි නොවී කොල්ලුපිටියේ පිහිටි රජයේ නිල නිවසක පදිංචිව සිටින බවයි. එමෙන්ම, නිල නිවසේ තිබූ වටිනා ගෘහ භාණ්ඩ සහ මෙවලම් මෙලෙස වෙනත් නිවසකට ගෙන යාම සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් සැකසූ සටහනක් සහ උපහාසාත්මක වැකි රැගත් පෝස්ටරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි අවධානයට ලක්වෙමින් පවතියි.













