ශ්‍රී ලාංකේය තාක්ෂණික සහ ඩිජිටල් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන ‘Surge Global’ හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී භානුක හරිශ්චන්ද්‍ර මහතාගේ ව්‍යවසායකත්ව සාර්ථකත්වය පිළිබඳව දේශීය මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණික ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
වයස අවුරුදු 19 දී YouTube බහු-නාලිකා ජාලයක් ආරම්භ කරමින් නිර්මාණකරුවන් 600 කට අධික පිරිසකට සහය දෙමින් ඩිජිටල් අවකාශයට පිවිසි ඔහු, 2015 වසරේදී ‘Surge Global’ සමාගම ස්ථාපනය කළේය. 2018 වසරේදී Tavistock Group වෙතින් ඩොලර් 500,000 ක ආයෝජනයක් ලබාගනිමින් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ව්‍යාප්ත වූ මෙම සමාගම, මේ වන විට ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් පුරා පැතිරුණු ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු ව්‍යාපාරික ජාලයක් බවට පත්ව ඇත.
තාක්ෂණික, ඩිජිටල් අලෙවිකරණ, මූල්‍ය සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්රයන් හි ව්‍යාපාර 08 ක් ඔස්සේ 800 කට අධික රැකියා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔහු සමත්ව සිටියි. මීට අමතරව ‘Rooster’ වැනි නවක තාක්ෂණික සමාගම් වෙනුවෙන් ආයෝජනය කරමින් ශ්‍රී ලාංකේය Start-up පද්ධතිය සබල ගැන්වීමට ද ඔහු පියවර ගෙන තිබේ.
ඔහුගේ මෙම සුවිශේෂී ජාත්‍යන්තර දායකත්වය අගය කරමින් 2021 වසරේදී Forbes “30 Under 30 Asia” ලැයිස්තුවටත්, 2022 වසරේදී Rest of World “RoW100 Global Tech Changemakers” ලැයිස්තුවටත් ඇතුළත් කිරීමට පියවර ගැනිණි. ශ්‍රී ලාංකේය තාක්ෂණික හැකියාවන් ජාත්‍යන්තර වෙළඳපොළ හා යා කරන සුවිශේෂී චරිතයක් ලෙස භානුක හරිශ්චන්ද්‍ර මහතා ඇගයීමට ලක්වේ.













