වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සංවිධානය කරන “ජනසටන” මහජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 2:00ට අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්ෂයේ පුළුල් බලවේගයක් ගොඩනැගීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම රැළිය සඳහා උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.













