වීරකැටිය – වලස්මුල්ල මාර්ගයේ කබල්වැවට හැරෙන හන්දිය ආසන්නයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වීරකැටිය පොලිසිය පවසයි.
සැප්තැම්බර් 11 වන දින දහවල් වලස්මුල්ල දෙස සිට වීරකැටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී එම දෙසටම පසුපසින් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.













