බංගලාදේශයේ ඩකා නගරයේ පැවති 10 වන දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා ඉෂිනි එනාරා දැරිය පිළිගැනීමේ අභිමානවත් උත්සවයක් හැටන් නගරයේදී පැවැත්වී තිබේ.
පාසල් ඉතිහාසයේ විද්‍යාලයට ප්‍රථම වරට ජාත්‍යන්තර පදක්කමක් දිනාදුන් මෙම ශිෂ්‍යාව පිළිගැනීම සඳහා විදුහල්පති තිලක් නවනන්දන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් එක්වී ඇති අතර, පාසල් තූර්යවාදක සහ නර්ථන කණ්ඩායම් මධ්‍යයේ විශේෂ වාහනයකින් ඇය පාසල වෙත කැඳවාගෙන යනු ලැබීය. මෙම ගමන අතරතුර හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම හැටන් ජුම්මා පල්ලියේ භාරකාර මණ්ඩලයද මාර්ගය දෙපස රැඳී සිටිමින් ඇයට මල් කළඹක් ප්‍රදානය කර සුබපැතුම් එක් කර තිබේ.













