එකම අංකය යටතේ ලියාපදිංචි කරන ලද යතුරුපැදි දෙකක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත මාදම්පේ ජයබිම ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාගේ නිවසේ නවතා තිබියදී මෙම යතුරුපැදි සොයාගෙන ඇති අතර, හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (11) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. යතුරුපැදි දෙකේම සඳහන්ව ඇති අංකය මන්ත්රීවරයාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර ඇති එක් යතුරුපැදියක අංකය බව පොලිසිය පවසන අතර, සැකකාර මන්ත්රීවරයා සහ යතුරුපැදි දෙක අද හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













