කොටහේන පොලිස් වසමේ කොටහේන නගර ප්‍රදේශයේදී ඊයේ (14) දින රාත්‍රී කාලයේ සිදුවූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
කොටහේන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 18 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.













