ජාතික ස්වෛරීභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් චීනය විසින් නව සංචාර පාලන නීති මාලාවක් බලාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදේශගතව සිටියදී එරට ජාතික ආරක්ෂාවට හෝ මූලික අභිමතාර්ථයන්ට නින්දාවන ක්‍රියාවන්හි නිරත වන පුරවැසියන්ට යළි මව්බිමට පැමිණීමෙන් පසු වසර තුනක කාලයක් දක්වා රටින් පිටවීම තහනම් කිරීමට මෙම නව නීති යටතේ බලධාරීන්ට හැකියාව ලැබේ.
මීට අමතරව තාක්ෂණික ආනයන සහ අපනයන රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ටද රටින් පිටවීමේ තහංචි පැනවිය හැකි අතර, සාමාන්‍ය පුරවැසියන්ගේ සංචාර සීමා කිරීමක් මෙයින් සිදු නොවන බව චීන බලධාරීන් පවසතත්, විදේශයන්හි සිටින පුරවැසියන්ගේ අදහස් දැක්වීම් සහ ක්‍රියාකාරකම් පාලනය කිරීමට බීජිං රජයට ඇති හැකියාව මෙමඟින් තවදුරටත් පුළුල් වන බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.














