හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.
ඒ, ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය දිනවල එම කොට්ඨාසය වෙත පැමිණ සිටියහ.
















