ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා වාහනවල තාක්ෂණික යෝග්‍යතාව සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව විසින් නව රෙගුලාසි කිහිපයක් අනුමත කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරීන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ පාලනය වන මගී ප්‍රවාහන සේවාවන්ට මෙන්ම කුලී පදනම මත ක්‍රියාත්මක වන පාසල් ප්‍රවාහන, කාර්යාල ප්‍රවාහන සහ විශේෂ සංචාරක වාහන සඳහා ද මෙම නව රෙගුලාසි බලපැවැත්වෙනු ඇත.
















