කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අත්පත් කරගන්නා වේගවත් සංවර්ධනය සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ සමාගම්කරුවන් කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලොව පුරා AI ආශ්රිත සමාගම්වල කොටස් මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ. ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දාරියෝ අමෝඩි විසින් AI සංවර්ධන වේගය අඩු කර අවදානම් කළමනාකරණයට කාලය ලබාදිය යුතු බවට කළ ප්‍රකාශයට OpenAI ප්‍රධාන විධායක සෑම් ඕල්ට්මන් සහ xAI ප්‍රධානී ඊලෝන් මස්ක් ද එකඟතාව පළ කර ඇත. මේ අතර AI තාක්ෂණය අතිශය භයානක මට්ටමකට වර්ධනය වුවහොත් එය නැවැත්වීම සඳහා අනිවාර්ය “කිල් ස්විච්” ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඇන්ත්රොපික්හි සම-නිර්මාතෘ ජැක් ක්ලාර්ක් සහ අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් යෝජනා කර ඇති නමුත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනතුරු ඇඟවීම් ප්‍රෝඩාවක් බව පවසමින් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.














