තමන් විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි සම්පූර්ණයෙන්ම ඉටු කරන තෙක් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු මට්ටමක සාකච්ඡාවක් පැවැත්වීමට තෙහෙරාන් පාලනය සූදානම් නොමැති බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි මහතා ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බවට Truth Social ඔස්සේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රෙසායි මහතා මේ බව සඳහන් කර ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා “සාකච්ඡා නැත” යන්න සිට “අපි සාකච්ඡාවලට සූදානම්” යනුවෙන් පරස්පර සහ නොමඟ යවන සුළු සංඥා නිකුත් කරමින් සිටින බවත්, ලෝක තෙල් වෙළඳපොළ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ තත්ත්වයන් මේ වන විට වෙනස් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. තෙහෙරානයේ පූර්ව කොන්දේසි ඉටු වන තෙක් ඇමෙරිකාව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බව ඉරාන ආරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














