යුක්රේන අගනුවර වන කියෙව් නගරයේ පෙට්‍රල් පිරවුම්හලක් සහ ගබඩා පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිෂ්කෝ පවසා තිබේ. රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ බලශක්ති වත්කම් ඉලක්ක නොකිරීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර දිනකට පසු මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, මේ අතරතුර ලිතුවේනියාවේදී ඩ්‍රෝන යානයක් නේටෝ යුධ ප්‍රහාරක ජෙට් යානයක් මඟින් බිම හෙළා ඇති බව ද වාර්තා වේ.














