ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, තම බලප්‍රදේශය තුළ සුනඛයන් ඇති කරන නිවෙස්වලින් බලු බද්දක් අය කර හෝ මුදල් උපයා ගැනීමට එම ආයතනවලට නීතිමය බලය පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පළාත් පාලන ආයතනයකට පවරා ඇති රාජකාරි ඉටු කිරීමට මුදල් ප්‍රමාණවත් නැතැයි හැඟෙන්නේ නම්, අදාළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සුනඛයන් ඇති කරන සෑම නිවසකටම බලු බද්දක් පැනවීමට එම සභාවන්ට තීරණය කළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පළාත් පාලන ආයතන සතුව පවතින නෛතික බලය කෙතෙක්ද යන්න පැහැදිලි කරමින්, “මම මේ කියන්නේ එම ආයතනවලට තියෙන බලය ගැනයි. ඒ අයට එවැනි තීන්දු අරගෙන බදු එකතු කරන්න පුළුවන්කම තියෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














