පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ ඉතිහාසය සහ කතාබහ හමුවේ ඔහු ක්ෂණිකව මෙම තත්ත්වයට වෙනස් වීමට එකම හේතුව නාමල් රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. අද (15) පැවති පොහොට්ටුවේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතා විසින් අර්චුනාව වෙනස් කළ ආකාරයටම, ඔහුගේ පියා විසින් පිල්ලෙයාන් සහ කරුණා වැනි පුද්ගලයින් ද වෙනස් කරමින් ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කළ බවයි.













