මන්නාරම මුහුදු තීරයේ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ දැලට කිලෝග්‍රෑම් 300ක පමණ බරින් යුත් විශාල මත්ස්‍යයෙක් හමුවී තිබේ. ප්‍රදේශවාසීන් අතර “කොප්පරා” ලෙස හඳුන්වන මෙම මත්ස්‍යයා දිගු හොටයකින් යුක්ත වන අතර, අධික වේගයෙන් පිහිනීමේ හැකියාවෙන් යුත් ගැඹුරු මුහුදුවාසී විශේෂයක් බව ධීවරයෝ පවසති. මෙහි ඇති අසාමාන්‍ය විශාලත්වය හේතුවෙන් ප්‍රදේශයේ ධීවරයින් සහ මහජනතාව අතර දැඩි කතාබහට ලක්ව ඇති මෙම මත්ස්‍යයා සමඟ ලබාගත් ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද වේගයෙන් සංසරණය වෙමින් පවතී.
















