2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පසුගිය ජුනි 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ ඒ සඳහා වන නීතිපතිවරයාගේ නිෂ්කාශනය මේ වන විට ලැබී ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය.













